日本語学校なら、新富国際語学院へ!楽しいキャンパスライフが盛りだくさん!

ඇතුළත් වීම සඳහා විස්තර

ක්‍රියාපටිපාටිය : ඇතුළත් වීමට ඉල්ලුම් කිරීම

පැමිණීමට මාස 6 කට පෙර

  • අයදුම්පත
  • ඇතුල්වීමේ විභාගය
  • පිළිගැනීම/ප්‍රතික්ෂේප කිරීම දැනුම්දීම

පැමිණීමට මාස 4 කට පෙර

  • අවශ්‍යය ලියකියවිලි සකස් කිරීම
  • සුදුසුකම් සහතිකය සදහා අයදුම්පත (COE)

පැමිණීමට මාස 2 කට පෙර

  • සුදුසුකම් සහතිකය නිකුත් කර ඇත (COE)
  • පාඨමාලා ගාස්තු ගෙවීම් තහවුරු කිරීම
  • සුදුසුකම් සහතිකය යැවීම (COE)

පැමිණීමට මසකට පෙර

සූදානම් වීම
  • තානාපති කාර්යාලයන් ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීම
  • ශිෂ්‍ය වීසා ලබාගැනීම
  • ගුවන් ගමන් වෙන්කරවා ගැනීම
කරුණු පැහැදිලි කරදීමේ රැස්වීම (විනාඩි 30-60)
  • නවාතැන් පහසුකම් වෙන් කරවා ගැනීම
  • ගුවන් ගමන් තොරතුරු
  • “ජපානයට පැමිණීමේ” කාලසටහන
  • පාසැලේ තොරතුරු සැපයීම

පැමිණීමට සතියකට පෙර

  • ජපානයට පැමිණීම

පාසල් ආරම්භය

අයදුම් කිරීමට අවශ්‍යය තොරතුරු

ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා ඇකඩමියට සිසුන් වසරකට සිව් වතාවක් බදවාගැනේ අප්‍රේල්, ජූලි, ඔක්තෝබර් සහ ජනවාරි මාසවලදී බඳවා ගනී.
එක් එක් බඳවා ගැනීම් සඳහා කාලසටහන පහත සාරාංශගත කර ඇත:

 45678910111212345678910
ජනවාරි බඳවා ගැනීම  
 
  
            
අප්‍රේල් බඳවා ගැනීම  
 
    
  
        
ජූලි බඳවා ගැනීම       
 
   
 
     
ඔක්තෝබර් බඳවා ගැනීම           
 
  
 
  
 

තෝරා ගැනීමේ කාලය

COE සදහා අයදුම් කිරීම

COE ප්‍රතිඵල දැනුම්දීම

පාසල් ආරම්භය

බැලීමට කරුණාකර වමට සහ දකුණට අනුචලනය කරන්න.

*කරුණාකර සියලුම ලියකියවිලි මුද්‍රණ දෝෂ සහ වැරදි නොමැතිව සකස් කරන්න. ( ජපන් පරිවර්තන අවශ්‍යයි)

‍*පාඨමාලාව වෙනස් කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න.

අයඳුම් කිරීමේ සුදුසුකම්

  1. අයදුම්කරුවන් අවම වශයෙන් වසර 12 ක විධිමත් අධ්‍යාපනයක් ලබා තිබිය යුතු වේ. (රට අනුව කාලසීමාව වෙනස් වේ).ඔහුගේ/ඇයගේ මව් රටෙහි වසර 12කට සමාන අධ්‍යාපනයක් සම්පූර්ණ කර තිබියයුතු අතර ජපානයට ඇතුළු වන විට අවම වශයෙන් වයස අවුරුදු 18 ක් වියයුතුය.
  2. තම මව් රටේ විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වීමට සුදුසුකම් ඇති අය ( උපාධිධාරීන් හෝ උපාධිධාරීන්ට සමාන සුදුසුකම් ඇති අය).
  3. අයදුම් කරන අවස්ථාවේදී අවම වශයෙන් පැය 150 ක ජපන් භාෂා අධ්‍යයනය සම්පූර්ණ කිරීමේ සහතිකය ඉදිරිපත් කිරීමට අයදුම්කරුවන්ට හැකි විය යුතුය.
  4. ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය (JLPT) N5 මට්ටම හෝ ඊට වැඩි (අප්‍රේල් සිසුන් [2-වසර-පාඨමාලාව, ජූලි සිසුන්), “N4 මට්ටමට සමාන හෝ ඉහළ (අප්‍රේල් සිසුන් [1-වසර පාඨමාලාව, ඔක්තෝබර් සිසුන්, ජනවාරි සිසුන්)ලෙස හඳුනාගෙන ඇත.
  5. දුම්පානය නොකරන අය
  6. උපාධිය ලබා ගන්නා තුරු අපේ පාසැලේ රැඳී සිටීමට අදහස් කරන අය.
  7. ඇතුළත්වී ඉගෙනගන්නා කාලය සඳහා සම්පූර්ණ පාසල් ගාස්තු ගෙවීමට හැකි අනුග්‍රාහකයින් (sponsor)
    සිටින අය.
  8. ඉගෙනීමට ප්‍රමුඛත්වය දිය හැකි අය (ආගමික හේතූන් ඇතුළුව කිසිදු හේතුවක් නිසා වරින් වර පන්තියට නොපැමිණීමට අවසර නැත).

“සම්පූර්ණ අධ්‍යයන පැය සහ සහභාගී වූ සත්‍ය අධ්‍යයනයේ පැය“ වලට අමතරව, සහතිකයේ “අධ්‍යයන පැය ගණන, පැමිණීමේ අනුපාතය, පාඨමාලා අන්තර්ගතය, පාඨමාලාවේ නම, පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා භාවිතා කරන ලද පාඨමාලා ද්‍රව්‍යවල නම (අධ්‍යයන කටයුතු සදහා භාවිතාකල පොත්වල නම්) ඇතුළත් විය යුතුය.

ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය N4 හෝ N5 යනු JLPT, JPT, J.TEST, BJT, NAT-Test N4 හෝ N5. මේ සදහා කරුණාකර බඳවා ගැනීමේ අංශය අමතන්න .
කරුණාකර ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ මුල් සහතිකය ඉදිරිපත් කරන්න.

වෙනත්

ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, කරුණාකර admissions@shintomi.jp වෙතින් සම්බන්ධ වන්න.

අවශ්‍යය ලිපි ලේඛන

එක් එක් ලේඛනය මත ක්ලික් කිරීමෙන් අවශ්‍යය ලිපි ලේඛන download කළ හැකිය .

අයදුම්කරු විසින් සම්පූර්ණ කලයුතු ලිපිලේඛන

අයදුම්පත් ඉදිරිපත් කරන විට

  • අයදුම්පත (පාසල ලබාදෙන)
  • Guarantee to Pay Expenses Form (පාසල ලබාදෙන)
  • අවසාන අධ්‍යාපන සුදුසුකම් සහතිකය
  • අවසාන අධ්‍යාපන සුදුසුකම් සහතිකයේ Transcript එක (GPA පෙන්වන)
  • ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණ සහතිකය (JLPT, JPT, J.Test, NAT-Test, BJT)
  • ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණයේ ලකුණු (JLPT, JPT, J.Test, NAT-Test, BJT)
  • විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
    *මව් භාෂාවෙන් හෝ ඉංග්‍රීසියෙන් ලියා ඇති ලේඛන ජපන් භාෂාවට පරිවර්තනය කිරීම ද අවශ්‍ය වේ.

COE ඉල්ලීම සදහා සූදානම් වන විට

කරුණාකර පලමුව documents PDF කර admissions@shintomi.jp වෙත e mail කරන්න, එවිට අපට ඒවා කල්තියා පරීක්ෂා කළ හැකිය. ඉන්පසු කරුණාකර Original documents තැපෑලෙන් අපගේ ලිපිනයට ලැබීමට සලස්වන්න.

ඇපකරු විසින් සැපයියයුතු ලියකියවිලිජපානයෙන් පිටත පදිංචිකරුවන්
  • බැංකුව විසින් නිකුත් කරන ලද බැංකු ප්‍රකාශය (සහතික කරන ලද)
  • රැකියා සහ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය
  • උප්පැන්න සහතික (ශිෂ්‍යයා සමඟ සබඳතාවය තහවුරු කලයුතුය): මියන්මාර ජාතිකයින් සඳහා, සියලුම ගෘහස්ථ සාමාජිකයින්ගේ නම් සහිත ගෘහ ලැයිස්තුවක්.
  • ඇපකරුගේ පසුගිය වසරේ ආදායම් සහතිකය: පසුගිය වසර සඳහා බදුසහතිකය හෝ ආදායම් සහතිකය
ජපානයේ පදිංචිකරුවන්
  • Guarantee to Pay Expenses Form (පාසල ලබාදෙන)
  • නේවාසික බදු හෝ ආදායම් බදු ගෙවීමේ සහතිකය
  • ලියාපදිංචි සහතිකය හෝ ආයතනික ලියාපදිංචි සහතිකයේ පිටපත
  • මුද්‍රාව (seal)ලියාපදිංචි සහතිකය
  • බැංකු ශේෂය පිළිබඳ සහතිකය (සමහර විට අවශ්‍ය වේ)
සිසුන් තමන් විසින්ම වියදම් දරන්නේ නම්
  • බැංකු ශේෂ සහතිකය (අයදුම්කරුගේ ගිණුම පමණි)
  • ලියාපදිංචි වීමේ සහතිකය හෝ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය

බැලීමට කරුණාකර වමට සහ දකුණට අනුචලනය කරන්න.

සැලකියයුතු කරුණු
  • සියලුම ලියකියවිලි වල වලංගු කාලය මාස 3 ක් ඇතුලත වේ.
  • මුල් පිටපත හැර ඩිප්ලෝමාව පිළිගනු නොලැබේ.
  • අතින් ලියන ලද ලේඛන නිවැරදි කිරීමේදී, කරුණාකර correction fluid භාවිතා නොකරන්න.
  • කරුණාකර ඔබේ සම්පූර්ණ වයස සදහන් කරන්න.
* 1 අයදුම්පත
  • අධ්‍යාපන පසුබිම ලිවීමේදී කරුණාකර ප්‍රාථමික පාසල, මධ්‍යම පාසල, උසස් පාසල, වෘත්තීය පාසල හෝ විශ්ව විද්‍යාලය එම අනුපිළිවෙලට ලියන්න. කරුණාකර පාසලේ නම, එහි ලිපිනය , ඇතුළත් වූ දිනය සහ අවසන් කල දිනය ලියන්න. (ආදේශ ඉදිරිපත් කිරීමට අවසර නැත)
  • වයස අවුරුදු 6 ට අඩු ප්‍රාථමික පාසලට ඇතුළත් වන්නේ නම්, අයදුම්කරු අධ්‍යයන වාර්තා පොතක් ඉදිරිපත් කළ යුතුය.
  • පාසල් අධ්‍යාපනයේ වසර 12 තුළ පරතර තිබේ නම්, ලිඛිත පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ.
    (විභාගයට සූදානම් වන කාලය සහ හමුදා සේවා කාලය ඇතුළුව හිස් කාලසීමාවන් නොමැතිව ඔබගේ අධ්‍යාපනික සහ රැකියා පසුබිම පිරවීමට වග බලා ගන්න.)
* 2 අයදුම් කිරීමට හේතුව (අයදුම්පතේ ලිවීමට කොටසක් ඇත)
  • අයදුම්කරු විසින් ෂින්ටොමි ජාත්‍යන්තර භාෂා ඇකඩමිය අධ්‍යයන කටයුතු සදහා තෝරාගත් හේතුව (අරමුණ සහ අවශ්‍යතාවය) සහ උපාධියෙන් පසු ඔහුගේ/ඇයගේ අනාගත සැලසුම් විස්තරාත්මකව විස්තර කරන්න. කරුණාකර ඔහු/ඇය විසින්ම පෝරමය පිරවීමට වග බලා ගන්න.
  • ඔබ අයදුම් කිරීමට හේතු අයදුම්පත්‍රයේ ලිවිය නොහැකි නම්, කරුණාකර “අයදුම් කිරීමට හේතු” කොටසේ “ඇමුණුම බලන්න” යනුවෙන් ලියා ඔබේ හේතු පැහැදිලි කරන වෙනම පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න.

වෙනත්

  • ලේඛනවල කිසියම් දෝෂයක් තිබේ නම්, ආගමන කාර්යාංශය විසින් COE නිකුත් නොකරන බව කරුණාවෙන් සලකන්න.
  • අසම්පූර්ණ අයදුම්පත් භාරගනු නොලැබේ.
  • ඇතුළත් වීමේ ගාස්තු, පාඨමාලා ගාස්තු සහ අනෙකුත් ගාස්තු තත්වයන් අනුව වෙනස් වීමට යටත් වේ.
  • ගෙවන ලද පාඨමාලා ගාස්තු ආපසු ගෙවනු නොලැබේ.
  • අයදුම්කරුවන් සංඛ්‍යාව උපරිම සංඛ්‍යාවට ළඟා වූ වහාම අයදුම්පත් භාර ගැනීම අවසන් කරනු ඇත, එබැවින් අයදුම් පත් අවසාන දිනය වෙනස් විය හැකිය.
  • ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, කරුණාකර admissions@shintomi.jp වෙතින් සම්බන්ධ වන්න.

Tuition Fees

සමත්වු අයදුම්කරුවන්ට (COE) නිකුත් කිරීම පිළිබඳ දැනුම්දීමක් ලැබුණු විට, ඔවුන් පළමු වසරේ Tuition Fees සඳහා එකවර JPY 823,000 ක් ගෙවිය යුතුය (වාරික ගෙවීමට අවසර නැත).
අයදුම්කරුගේ ගෙවීම තහවුරු වූ වහාම, අපි COE සහ පිළිගැනීමේ ලිපිය එවන්නෙමු.

(JPY බදු ඇතුළුව)

වසර 2 ක පාඨමාලාව
 පළමු වසරදෙවන වසර
අයදුම්පත් ගාස්තුව30,000――
ඇතුළත් වීමේ ගාස්තුව30,000――
පාඨමාලා660,000660,000
ඉගැන්වීමේ ද්‍රව්‍ය පිරිවැය25,00025,000
වෙනත් අයකිරීම්78,00068,000
එකතුව823,000753,000
ගෙවිය යුතු ගෙවීම්COE නිකුත් කිරීමෙන් පසු වහාමවසර 1: දෙසැම්බර් 20
අවුරුදු 1 මාස 9 පාඨමාලාව
 පළමු වසරදෙවන වසර
අයදුම්පත් ගාස්තුව30,000――
ඇතුළත් වීමේ ගාස්තුව30,000――
පාඨමාලා660,000495,000
ඉගැන්වීමේ ද්‍රව්‍ය පිරිවැය25,00019,000
වෙනත් අයකිරීම්78,00058,000
එකතුව823,000572,000
ගෙවිය යුතු ගෙවීම්COE නිකුත් කිරීමෙන් පසු වහාමවසර 1: මාර්තු 20
අවුරුදු 1 මාස 6 ක පාඨමාලාව
 පළමු වසරදෙවන වසර
අයදුම්පත් ගාස්තුව30,000――
ඇතුළත් වීමේ ගාස්තුව30,000――
පාඨමාලා660,000330,000
ඉගැන්වීමේ ද්‍රව්‍ය පිරිවැය25,00015,000
වෙනත් අයකිරීම්78,00047,000
එකතුව823,000392,000
ගෙවිය යුතු ගෙවීම්COE නිකුත් කිරීමෙන් පසු වහාමවසර 1: ජූනි 20
අවුරුදු 1 මාස 3 පාඨමාලාව
 පළමු වසරදෙවන වසර
අයදුම්පත් ගාස්තුව30,000――
ඇතුළත් වීමේ ගාස්තුව30,000――
පාඨමාලා660,000165,000
ඉගැන්වීමේ ද්‍රව්‍ය පිරිවැය25,00015,000
වෙනත් අයකිරීම්78,00036,000
එකතුව823,000216,000
ගෙවිය යුතු ගෙවීම්COE නිකුත් කිරීමෙන් පසු වහාමවසර 2: සැප්තැම්බර් 20
අවුරුදු 1ක පාඨමාලාව
 වසර 1
අයදුම්පත් ගාස්තුව30,000
ඇතුළත් වීමේ ගාස්තුව30,000
පාඨමාලා660,000
ඉගැන්වීමේ ද්‍රව්‍ය පිරිවැය25,000
වෙනත් අයකිරීම්78,000
එකතුව823,000
ගෙවිය යුතු ගෙවීම්COE නිකුත් කිරීමෙන් පසු වහාම

* ගෙවීම් කිරීම් සඳහා වන සියලුම ගාස්තු ගෙවන්නාගේ වගකීම වේ.

* පන්තියේ අන්තර්ගතය අනුව ඉගැන්වීමේ ද්‍රව්‍ය සඳහා යම් ගෙවීමක් කිරීමට සිදු විය හැකිය.

* වෙනත් ගාස්තු සම්බන්ධයෙන් විස්තර අවශ්‍ය නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

* ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය (JLPT) සඳහා වෙනම ගාස්තු අවශ්‍ය වේ.

අපව සම්බන්ධ කරගැනීම සඳහා

පාඨමාලා පිළිබඳ ප්‍රශ්න හෝ ගැටළු තිබේනම් නිරාකරනය කරගැනීම සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න

043-276-5828

කාර්යාල වේලාවන්: සතියේ දිනවල උදේ 9:00 සිට සවස 5:00 දක්වා (ජපන් වේලාවෙන්)

This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.