ක්‍රියාපටිපාටිය : ඇතුළත් වීමට ඉල්ලුම් කිරීම
පැමිණීමට මාස 6 කට පෙර
- අයදුම්පත
- ඇතුල්වීමේ විභාගය
- පිළිගැනීම/ප්‍රතික්ෂේප කිරීම දැනුම්දීම
පැමිණීමට මාස 4 කට පෙර
- අවශ්‍යය ලියකියවිලි සකස් කිරීම
- සුදුසුකම් සහතිකය සදහා අයදුම්පත (COE)
පැමිණීමට මාස 2 කට පෙර
- සුදුසුකම් සහතිකය නිකුත් කර ඇත (COE)
- පාඨමාලා ගාස්තු ගෙවීම් තහවුරු කිරීම
- සුදුසුකම් සහතිකය යැවීම (COE)
පැමිණීමට මසකට පෙර
සූදානම් වීම
- තානාපති කාර්යාලයන් ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීම
- ශිෂ්‍ය වීසා ලබාගැනීම
- ගුවන් ගමන් වෙන්කරවා ගැනීම
කරුණු පැහැදිලි කරදීමේ රැස්වීම (විනාඩි 30-60)
- නවාතැන් පහසුකම් වෙන් කරවා ගැනීම
- ගුවන් ගමන් තොරතුරු
- “ජපානයට පැමිණීමේ” කාලසටහන
- පාසැලේ තොරතුරු සැපයීම
පැමිණීමට සතියකට පෙර
- ජපානයට පැමිණීම
පාසල් ආරම්භය
අයදුම් කිරීමට අවශ්‍යය තොරතුරු
ෂින්ටෝමි ජාත්‍යන්තර භාෂා ඇකඩමියට සිසුන් වසරකට සිව් වතාවක් බදවාගැනේ අප්‍රේල්, ජූලි, ඔක්තෝබර් සහ ජනවාරි මාසවලදී බඳවා ගනී.
එක් එක් බඳවා ගැනීම් සඳහා කාලසටහන පහත සාරාංශගත කර ඇත:
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ජනවාරි බඳවා ගැනීම | ● | ● | |||||||||||||||||
| අප්‍රේල් බඳවා ගැනීම | ● | ● | |||||||||||||||||
| ජූලි බඳවා ගැනීම | ● | ● | |||||||||||||||||
| ඔක්තෝබර් බඳවා ගැනීම | ● | ● | |||||||||||||||||
තෝරා ගැනීමේ කාලය ● COE සදහා අයදුම් කිරීම ● COE ප්‍රතිඵල දැනුම්දීම පාසල් ආරම්භය | |||||||||||||||||||
බැලීමට කරුණාකර වමට සහ දකුණට අනුචලනය කරන්න.
*කරුණාකර සියලුම ලියකියවිලි මුද්‍රණ දෝෂ සහ වැරදි නොමැතිව සකස් කරන්න. ( ජපන් පරිවර්තන අවශ්‍යයි)
*පාඨමාලාව වෙනස් කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න.
අයඳුම් කිරීමේ සුදුසුකම්
- අයදුම්කරුවන් අවම වශයෙන් වසර 12 ක විධිමත් අධ්‍යාපනයක් ලබා තිබිය යුතු වේ. (රට අනුව කාලසීමාව වෙනස් වේ).ඔහුගේ/ඇයගේ මව් රටෙහි වසර 12කට සමාන අධ්‍යාපනයක් සම්පූර්ණ කර තිබියයුතු අතර ජපානයට ඇතුළු වන විට අවම වශයෙන් වයස අවුරුදු 18 ක් වියයුතුය.
- තම මව් රටේ විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වීමට සුදුසුකම් ඇති අය ( උපාධිධාරීන් හෝ උපාධිධාරීන්ට සමාන සුදුසුකම් ඇති අය).
- අයදුම් කරන අවස්ථාවේදී අවම වශයෙන් පැය 150 ක ජපන් භාෂා අධ්‍යයනය සම්පූර්ණ කිරීමේ සහතිකය ඉදිරිපත් කිරීමට අයදුම්කරුවන්ට හැකි විය යුතුය.
- ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය (JLPT) [N5 මට්ටම හෝ ඊට වැඩි සමත් සිසුන් (4 වන මාසය (අප්‍රේල්) පාසැල් වාරය සදහා [වසර 2 ක පාඨමාලාව]), 7 වන මාසය (ජූලි) පාසැල් වාරය සදහා], [N4 මට්ටම හෝ ඊට වැඩි සමත් සිසුන් (10වන මාසය (ඔක්තෝබර්) පාසැල් වාරය සදහා] [N3 මට්ටම හෝ ඊට වැඩි සමත් සිසුන් (1වන මාසය පාසැල් වාරය(ජනවාරි) සහ 4 වන මාසය (අප්‍රේල්) පාසැල් වාරය සදහා [වසර 1 ක පාඨමාලාව]) සදහා සිසුන් ලෙස පිළිගනු ඇත.
- දුම්පානය නොකරන අය
- උපාධිය ලබා ගන්නා තුරු අපේ පාසැලේ රැඳී සිටීමට අදහස් කරන අය.
- ඇතුළත්වී ඉගෙනගන්නා කාලය සඳහා සම්පූර්ණ පාසල් ගාස්තු ගෙවීමට හැකි අනුග්‍රාහකයින් (sponsor)
සිටින අය. - ඉගෙනීමට ප්‍රමුඛත්වය දිය හැකි අය (ආගමික හේතූන් ඇතුළුව කිසිදු හේතුවක් නිසා වරින් වර පන්තියට නොපැමිණීමට අවසර නැත).
“සම්පූර්ණ අධ්‍යයන පැය සහ සහභාගී වූ සත්‍ය අධ්‍යයනයේ පැය“ වලට අමතරව, සහතිකයේ “අධ්‍යයන පැය ගණන, පැමිණීමේ අනුපාතය, පාඨමාලා අන්තර්ගතය, පාඨමාලාවේ නම, පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා භාවිතා කරන ලද පාඨමාලා ද්‍රව්‍යවල නම (අධ්‍යයන කටයුතු සදහා භාවිතාකල පොත්වල නම්) ඇතුළත් විය යුතුය.
ඉහත 4 වන වගන්තියේ සඳහන් 「JLPT N3, N4, N5 මට්ටම හෝ ඊට වැඩි」 යන්නෙන් JLPT, J.TEST, BJT, හෝ NAT-Test N3, N4, හෝ N5 ලබා ගත් අය ගැන සඳහන් වේ. අනෙකුත් ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණ සඳහා, කරුණාකර අප සමග සාකච්චා කරන්න.
වෙනත්
ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, කරුණාකර admissions@shintomi.jp වෙතින් සම්බන්ධ වන්න.
අවශ්‍යය ලිපි ලේඛන
එක් එක් ලේඛනය මත ක්ලික් කිරීමෙන් අවශ්‍යය ලිපි ලේඛන download කළ හැකිය .
| අයදුම්කරු විසින් සම්පූර්ණ කලයුතු ලිපිලේඛන | අයදුම්පත් ඉදිරිපත් කරන විට
COE ඉල්ලීම සදහා සූදානම් වන විට කරුණාකර පලමුව documents PDF කර admissions@shintomi.jp වෙත e mail කරන්න, එවිට අපට ඒවා කල්තියා පරීක්ෂා කළ හැකිය. ඉන්පසු කරුණාකර Original documents තැපෑලෙන් අපගේ ලිපිනයට ලැබීමට සලස්වන්න. | |
|---|---|---|
| ඇපකරු විසින් සැපයියයුතු ලියකියවිලි | ජපානයෙන් පිටත පදිංචිකරුවන් |
|
| ජපානයේ පදිංචිකරුවන් |
| |
| සිසුන් තමන් විසින්ම වියදම් දරන්නේ නම් |
| |
බැලීමට කරුණාකර වමට සහ දකුණට අනුචලනය කරන්න.
සැලකියයුතු කරුණු
- සියලුම ලියකියවිලි වල වලංගු කාලය මාස 3 ක් ඇතුලත වේ.
- මුල් පිටපත හැර ඩිප්ලෝමාව පිළිගනු නොලැබේ.
- අතින් ලියන ලද ලේඛන නිවැරදි කිරීමේදී, කරුණාකර correction fluid භාවිතා නොකරන්න.
- කරුණාකර ඔබේ සම්පූර්ණ වයස සදහන් කරන්න.
* 1 අයදුම්පත
- අධ්‍යාපන පසුබිම ලිවීමේදී කරුණාකර ප්‍රාථමික පාසල, මධ්‍යම පාසල, උසස් පාසල, වෘත්තීය පාසල හෝ විශ්ව විද්‍යාලය එම අනුපිළිවෙලට ලියන්න. කරුණාකර පාසලේ නම, එහි ලිපිනය , ඇතුළත් වූ දිනය සහ අවසන් කල දිනය ලියන්න. (ආදේශ ඉදිරිපත් කිරීමට අවසර නැත)
- වයස අවුරුදු 6 ට අඩු ප්‍රාථමික පාසලට ඇතුළත් වන්නේ නම්, අයදුම්කරු අධ්‍යයන වාර්තා පොතක් ඉදිරිපත් කළ යුතුය.
- පාසල් අධ්‍යාපනයේ වසර 12 තුළ පරතර තිබේ නම්, ලිඛිත පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ.
(විභාගයට සූදානම් වන කාලය සහ හමුදා සේවා කාලය ඇතුළුව හිස් කාලසීමාවන් නොමැතිව ඔබගේ අධ්‍යාපනික සහ රැකියා පසුබිම පිරවීමට වග බලා ගන්න.)
* 2 අයදුම් කිරීමට හේතුව (අයදුම්පතේ ලිවීමට කොටසක් ඇත)
- අයදුම්කරු විසින් ෂින්ටොමි ජාත්‍යන්තර භාෂා ඇකඩමිය අධ්‍යයන කටයුතු සදහා තෝරාගත් හේතුව (අරමුණ සහ අවශ්‍යතාවය) සහ උපාධියෙන් පසු ඔහුගේ/ඇයගේ අනාගත සැලසුම් විස්තරාත්මකව විස්තර කරන්න. කරුණාකර ඔහු/ඇය විසින්ම පෝරමය පිරවීමට වග බලා ගන්න.
- ඔබ අයදුම් කිරීමට හේතු අයදුම්පත්‍රයේ ලිවිය නොහැකි නම්, කරුණාකර “අයදුම් කිරීමට හේතු” කොටසේ “ඇමුණුම බලන්න” යනුවෙන් ලියා ඔබේ හේතු පැහැදිලි කරන වෙනම පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න.
වෙනත්
- ලේඛනවල කිසියම් දෝෂයක් තිබේ නම්, ආගමන කාර්යාංශය විසින් COE නිකුත් නොකරන බව කරුණාවෙන් සලකන්න.
- අසම්පූර්ණ අයදුම්පත් භාරගනු නොලැබේ.
- ඇතුළත් වීමේ ගාස්තු, පාඨමාලා ගාස්තු සහ අනෙකුත් ගාස්තු තත්වයන් අනුව වෙනස් වීමට යටත් වේ.
- ගෙවන ලද පාඨමාලා ගාස්තු ආපසු ගෙවනු නොලැබේ.
- අයදුම්කරුවන් සංඛ්‍යාව උපරිම සංඛ්‍යාවට ළඟා වූ වහාම අයදුම්පත් භාර ගැනීම අවසන් කරනු ඇත, එබැවින් අයදුම් පත් අවසාන දිනය වෙනස් විය හැකිය.
- ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, කරුණාකර admissions@shintomi.jp වෙතින් සම්බන්ධ වන්න.
Tuition Fees
සමත්වු අයදුම්කරුවන්ට (COE) නිකුත් කිරීම පිළිබඳ දැනුම්දීමක් ලැබුණු විට, ඔවුන් පළමු වසරේ Tuition Fees සඳහා එකවර JPY 813,000 ක් ගෙවිය යුතුය (වාරික ගෙවීමට අවසර නැත).
අයදුම්කරුගේ ගෙවීම තහවුරු වූ වහාම, අපි COE සහ පිළිගැනීමේ ලිපිය එවන්නෙමු.
(JPY බදු ඇතුළුව)
වසර 2 ක පාඨමාලාව
| පළමු වසර | දෙවන වසර | |
|---|---|---|
| අයදුම්පත් ගාස්තුව | 30,000 | ―― |
| ඇතුළත් වීමේ ගාස්තුව | 30,000 | ―― |
| පාඨමාලා | 660,000 | 660,000 |
| ඉගැන්වීමේ ද්‍රව්‍ය පිරිවැය | 25,000 | 25,000 |
| වෙනත් අයකිරීම් | 68,000 | 68,000 |
| එකතුව | 813,000 | 753,000 |
| ගෙවිය යුතු ගෙවීම් | COE නිකුත් කිරීමෙන් පසු වහාම | වසර 1: දෙසැම්බර් 20 |
අවුරුදු 1 මාස 9 පාඨමාලාව
| පළමු වසර | දෙවන වසර | |
|---|---|---|
| අයදුම්පත් ගාස්තුව | 30,000 | ―― |
| ඇතුළත් වීමේ ගාස්තුව | 30,000 | ―― |
| පාඨමාලා | 660,000 | 495,000 |
| ඉගැන්වීමේ ද්‍රව්‍ය පිරිවැය | 25,000 | 19,000 |
| වෙනත් අයකිරීම් | 68,000 | 58,000 |
| එකතුව | 813,000 | 572,000 |
| ගෙවිය යුතු ගෙවීම් | COE නිකුත් කිරීමෙන් පසු වහාම | වසර 1: මාර්තු 20 |
අවුරුදු 1 මාස 6 ක පාඨමාලාව
| පළමු වසර | දෙවන වසර | |
|---|---|---|
| අයදුම්පත් ගාස්තුව | 30,000 | ―― |
| ඇතුළත් වීමේ ගාස්තුව | 30,000 | ―― |
| පාඨමාලා | 660,000 | 330,000 |
| ඉගැන්වීමේ ද්‍රව්‍ය පිරිවැය | 25,000 | 15,000 |
| වෙනත් අයකිරීම් | 68,000 | 47,000 |
| එකතුව | 813,000 | 392,000 |
| ගෙවිය යුතු ගෙවීම් | COE නිකුත් කිරීමෙන් පසු වහාම | වසර 1: ජූනි 20 |
අවුරුදු 1 මාස 3 පාඨමාලාව
| පළමු වසර | දෙවන වසර | |
|---|---|---|
| අයදුම්පත් ගාස්තුව | 30,000 | ―― |
| ඇතුළත් වීමේ ගාස්තුව | 30,000 | ―― |
| පාඨමාලා | 660,000 | 165,000 |
| ඉගැන්වීමේ ද්‍රව්‍ය පිරිවැය | 25,000 | 15,000 |
| වෙනත් අයකිරීම් | 68,000 | 36,000 |
| එකතුව | 813,000 | 216,000 |
| ගෙවිය යුතු ගෙවීම් | COE නිකුත් කිරීමෙන් පසු වහාම | වසර 1: සැප්තැම්බර් 20 |
අවුරුදු 1ක පාඨමාලාව
| වසර 1 | |
|---|---|
| අයදුම්පත් ගාස්තුව | 30,000 |
| ඇතුළත් වීමේ ගාස්තුව | 30,000 |
| පාඨමාලා | 660,000 |
| ඉගැන්වීමේ ද්‍රව්‍ය පිරිවැය | 25,000 |
| වෙනත් අයකිරීම් | 68,000 |
| එකතුව | 813,000 |
| ගෙවිය යුතු ගෙවීම් | COE නිකුත් කිරීමෙන් පසු වහාම |
* ගෙවීම් කිරීම් සඳහා වන සියලුම ගාස්තු ගෙවන්නාගේ වගකීම වේ.
* පන්තියේ අන්තර්ගතය අනුව ඉගැන්වීමේ ද්‍රව්‍ය සඳහා යම් ගෙවීමක් කිරීමට සිදු විය හැකිය.
* වෙනත් ගාස්තු සම්බන්ධයෙන් විස්තර අවශ්‍ය නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.
* වීසා අලුත් කිරීම සඳහා සහ ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය (JLPT) සඳහා වෙනම ගාස්තු අවශ්‍ය වේ.
උපකාරක පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධයෙන්
විදේශයෙන් උපකාරක පන්ති ගාස්තු ගෙවීම් සිදුකරන සිසුන් පහත ක්‍රමවලින් එකක් තෝරා ගත යුතුය.
- Convera GlobalPay for Students හරහා ගෙවීම (නිර්දේශිත)
- බැංකු හරහා මාරු කිරීම
1. Convera GlobalPay for Students හරහා ගෙවීම
“Convera GlobalPay for Students” යනු ඔබට උපකාරක පන්ති ගාස්තු, නේවාසිකාගාර ගාස්තු සහ අනෙකුත් ගාස්තු ආරක්ෂිතව සහ පහසුවෙන් මාර්ගගතව (online )ගෙවීමට ඉඩ සලසන සේවාවකි.
මෙම සේවාව භාවිතා කිරීමෙන්, ඔබට බැංකු හුවමාරුව, (bank transfer) ණය කාඩ්පත් සහ අනෙකුත් ගෙවීම් ක්‍රම හරහා මාර්ගගත (online) ගෙවීම් සිදු කළ හැකිය. (කරුණාකර සලකා බලන්න: ලබා ගත හැකි ගෙවීම් ක්‍රම ඔබගේ රට හෝ කලාපය අනුව වෙනස් විය හැක.)
මෙම සේවාව රටවල් හා කලාප 200කට වඩා වැඩි ප්‍රමාණයක ලබා ගත හැකි අතර මුදල් ඒකක 140කට වඩා වැඩි ප්‍රමාණයකට සහාය දක්වයි.
ඔබගේ බැංකුව අය කරන ගනුදෙනු ගාස්තු අඩු කර ගැනීමට ඔබට හැකියාව තිබිය හැක.
【ක්‍රියාවලිය】
- ① ප්‍රවේශය:පහත පෝර්ටල් වෙබ් අඩවියට පිවිසෙන්න.
- ② තොරතුරු ඇතුළත් කිරීම:ගෙවන්නාගේ රට, ගෙවීම් මුදල, ශිෂ්‍ය හැඳුනුම් අංකය (Student ID), කැමති ගෙවීම් ක්‍රමය වැනි තොරතුරු ඇතුළත් කරන්න.
- ③ ගෙවීම සිදු කිරීම:තෝරාගත් ක්‍රමයට අනුව ගෙවීම සම්පූර්ණ කරන්න.
*ගෙවීම සම්පූර්ණ වූ පසු, ඊමේල් හෝ SMS හරහා සත්‍ය කාලීනව (real-time) ගෙවීම් තත්ත්වය පරීක්ෂා කළ හැක.
【ලබා ගත හැකි ගෙවීම් ක්‍රම】
VISA / Mastercard / Debit Card / UnionPay / Alipay, ආදිය.
*ලබා ගත හැකි ගෙවීම් ක්‍රම රට සහ කලාපය අනුව වෙනස් විය හැක.
【Convera GlobalPay for Students වෙත ප්‍රවේශ වීමේ ක්‍රම】
Convera GlobalPay for Students වෙත ප්‍රවේශ වීමට පහත විකල්ප වලින් එකක් තෝරාගත හැක.
1. පහත URL වෙත පිවිසෙන්න.
https://students.convera.com/shintomiacjp
2. පහත QR කේතය ස්කෑන් කරන්න.
【ක්‍රියාවලිය පැහැදිලි කරන වීඩියෝ (භාෂා අනුව)】
Convera GlobalPay for Students වෙත ප්‍රවේශ වීමට පහත විකල්ප වලින් එකක් තෝරාගත හැක.
【විමසීම්】
සේවා භාවිතය හෝ තාක්ෂණික ගැටළු පිළිබඳ ප්‍රශ්න සඳහා, කරුණාකර පහත සබැඳි හරහා අප හා සම්බන්ධ වන්න.
*ඔබ බැංකු හුවමාරුව තෝරා ගත්තේ නම්, ඔබේ බැංකුව අනුව Convera ගිණුමට මුදල් ලැබීමට දින කිහිපයක් ගත විය හැකිය.
ව්‍යාපාරික දින කිහිපයකට පසු ඔබේ තත්වය යාවත්කාලීන කර නොමැති නම්, කරුණාකර ඉහත විමසීම් පෝරමය හරහා අප හා සම්බන්ධ වන්න.
2. බැංකු හුවමාරුව (Bank Transfer)
ගෙවීම සිදු කිරීමට පෙර, අයදුම් මාර්ගෝපදේශ වල හෝ COE (Certificate of Eligibility) නිකුත් කිරීමෙන් පසු ඔබට එවූ උපදෙස් ලේඛන වල සඳහන් බැංකු ගිණුම් තොරතුරු කරුණාකර තහවුරු කරගන්න.
අපව සම්බන්ධ කරගැනීම සඳහා
පාඨමාලා පිළිබඳ ප්‍රශ්න හෝ ගැටළු තිබේනම් නිරාකරනය කරගැනීම සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න
043-276-5828
කාර්යාල වේලාවන්: සතියේ දිනවල උදේ 9:00 සිට සවස 5:00 දක්වා (ජපන් වේලාවෙන්)