රටට ඇතුළු වීමේ සිට පාසල් ජීවිතය ආරම්භ කිරීම දක්වා
පියවර 1
ජපානයට ඇතුල් වීමපියවර 2
ආගමන පරීක්ෂාවපියවර 3
පාසලේ පළමු දිනයපියවර 4
රජයේ කාර්යාලවෙත යෑම (city/ward office) සහ විවිධ ක්‍රියා පටිපාටිපියවර 5
බැංකු ගිණුම් විවෘත කිරීමපියවර 6
(උපදෙස්) ජංගම දුරකථන මිලදී ගැනීමපියවර 7
ඇතුල්වීමේ උත්සවයඅවශ්යය ලිපි ලේඛන
පියවර 1 ජපානයට ඇතුල් වීම
නරිටා ගුවන් තොටුපළේ පර්යන්ත 1, 2 සහ 3 ඇත, සහ හනෙදා ගුවන් තොටුපළ පර්යන්ත 2 සහ 3 ඇත. ඔබ පැමිණෙන පර්යන්තය ගුවන් සමාගම මත රඳා පවතී.

පියවර 2 ආගමන පරීක්ෂාව
①පදිංචි කාඩ්පත ලබා ගැනීම (Zairyu Card)
ඔබගේ COE (සුදුසුකම් සහතිකය), විදේශ ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය ඉදිරිපත් කල විට, ඔබට ගුවන් තොටුපලේදී “පදිංච් කාඩ්පතක්“ නිකුත් කරනු ලැබේ.
ජාත්‍යන්තර සිසුන් දිගු කාලීනව රැඳී සිටින බැවින්, ඔහුට/ඇයට නේවාසික කාඩ්පතක් නිකුත් කරනු ලැබේ.
ජපානයේ රැඳී සිටින කාලය තුළ සිසුන්ට ඔහුගේ/ඇයගේ විදේශ ගමන් බලපත්‍රය සෑම අවස්ථාවකදීම ලගතබාගැනීමට අවශ්‍ය නොවන අතර, ඔහුගේ/ඇයගේ පදිංචි කාඩ්පත (Zairyu Card) ලග තිබිය යුතුය.
කෙටි කාලීන සිසුන්ට පදිංචි කාඩ්පතක් නැත, එබැවින් කරුණාකර ඔහුගේ/ඇයගේ විදේශ ගමන් බලපත්‍රය සෑම අවස්තාවකම ලගතබාගත යුතුය.
②අර්ධකාලීන රැකියා බලපත්‍රයක් ලබා ගැනීම (Part-time Work Permit)
වැඩ කිරීමට කැමති සිසුන්ට ඔහුගේ/ඇයගේ රැකියා බලපත්‍රය ගුවන් තොටුපළේ ආගමන පරීක්ෂකවරයාගෙන් පදිංචි කාඩ්පත සමඟම ඉල්ලුම් කළ හැකිය. ඉන්පසුව, සිසුන්ට සතියකට උපරිම පැය 28 ට අර්ධකාලීන ලෙස රැකියා කිරීමට අවස්ථාව ලැබේ.
* සිසුන් ගුවන් තොටුපළේදී ඔහුගේ/ඇයගේ අර්ධකාලීන රැකියා බලපත්‍රය සඳහා අයදුම් නොකරන්නේ නම්, ඔහුට/ඇයට එය අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි ආගමන කාර්යාංශයෙන් අයදුම් කළ හැකිය.

පියවර 3 පාසලේ පළමු දිනය
සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සහ සිසුන්ගේ දැනුම පරීක්ෂා කිරීමේ විභාගක් පවත්වා පන්ති කාලසටහන් හා අවශ්‍යය තොරතුරු ලබාදීම.

පියවර 4 රජයේ කාර්යාලවෙත යෑම (city/ward office) සහ විවිධ ක්‍රියා පටිපාටි
අපගේ පාසල සිසුන්ගේ ඉල්ලීම මත විවිධ ක්‍රියා පටිපාටි සඳහා ද සහාය ලබා දෙයි.
①ලිපිනය ලියාපදිංචි කිරීම.
තමන් ජීවත්වන නගරයේ නගර කාරයාලයට(city/ward office)වෙත ගොස් ලිපිනය ලියාපදිංචි කල යුතුය.
රට තුලට ඇතුල්වී දින 14 ක් ඇතුළත ලියාපදිංචි කල යුතුවේ.
②ජාතික සෞඛ්‍ය රක්‍ෂණ කාඩ්පත් නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය
කරුණාකර ඔබ ජීවත් වන නගරයේ නගර කාර්යාලයේදී(city/ward office) මෙම ක්‍රියා පටිපාටිය සම්පූර්ණ කෙරේ.
ඔබ ජාතික සෞඛ්‍ය රක්ෂණයට (*) ලියාපදිංචි වූ විට, ඔබට “ජාතික සෞඛ්‍ය රක්‍ෂණ කාඩ්පතක්” නිකුත් කරනු ලැබේ.(මින් ඉදිරියට “රක්ෂණ කාඩ්පත” ලෙසින් හඳුන්වනු ලැබේ)

ජාතික සෞඛ්‍ය රක්ෂණය යනු කුමක්ද?
ඔබ ජාතික සෞඛ්‍ය රක්ෂණයට ලියාපදිංචි වී රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමේදී ඔබේ රක්ෂණ කාඩ්පත ඉදිරිපත් කරන්නේ නම්, ප්‍රතිකාර පිරිවැයෙන් 70%ක් රක්ෂණයෙන් ආවරණය වන අතර ඔබට ගෙවීමට සිදු වන්නේ 30%ක් පමණි.
මාස තුනකට වඩා වැඩි කාලයක් ජපානයේ රැඳී සිටින ජාත්‍යන්තර සිසුන් ජාතික සෞඛ්‍ය රක්‍ෂණයට ඇතුළත් වීමට අවශ්‍ය වේ.
මෙම රක්ෂණය අදාළ වන්නේ කාඩ්පත අයිතිකරුට පමණි.
*ඔබ පදිංචිය වෙනස්කරන අවස්තාවේදී, ඔබේ ජාතික සෞඛ්‍ය රක්‍ෂණයේද පදිංචි ලිපිනය වෙනස් කල යුතුය.
*ජාතික සෞඛ්‍ය රක්‍ෂණය අර්ධ කාලීන රැකියාවේදී (part-time job) සිදුවන තුවාල හෝ රෝග ආවරණය නොකරයි.
*ඔබේ විදේශ ගමන් බලපත්‍රය, පදිංචි කාඩ්පත වැනි ඔබේ සෞඛ්‍ය රක්‍ෂණ කාඩ්පතද ඉතා වැදගත් හඳුනාගැනීමේ ලේඛනයක් බව කරුණාවෙන් සලකන්න.
*ඊට අමතරව, පදිංචිය වෙනස් කිරීම හෝ රැඳී සිටින කාලය දීර්ඝ කිරීම සඳහා අයදුම් කිරීමේදී ඔබේ රක්ෂණ කාඩ්පත ඉදිරිපත් කිරීමට ඔබට අවශ්‍ය වනු ඇත.
පියවර 5 බැංකු ගිණුම විවෘත කිරීම
බැංකු ගිණුමක් විවෘත කිරීම . අර්ධකාලීනව රැකියා කරන විට, ඔබේ වීසා බලපත්‍රය දීර්ඝ කිරීම, ඔබේ මව් රට සමඟ මුදල් හුවමාරු කර ගැනීම සහ ශිෂ්‍යත්ව ලබා ගැනීම වැනි විවිධ අවස්ථා වලදී ඔබට බැංකු ගිණුමක් අවශ්‍ය වනු ඇත.
*ඔබ සම්පූර්ණයෙන්ම ඔබේ මව් රටට යන අවස්ථාවේදී , ඔබේ බැංකු ශේෂය 0 ලෙස සකසා ඔබේ ගිණුම වසා දැමීමට වග බලා ගන්න.
ඔබේ පදිංචි කාඩ්පත, රක්ෂණ කාඩ්පත, පාස්පොත, හෝ බැංකු මුදල් කාඩ්පත කිසිවිටෙක කිසිවෙකුට කිසිම හේතුවක් නිසා ණයට දෙන්න එපා.
අපරාධ සංවිධානයක් විසින් එය අනිසි ලෙස භාවිතා කරන්නේ නම්, එහි හවුල්කරුවෙකු බවට පත්වන අතර දැඩි දඬුවම්වලට යටත් වේ.

පියවර 6 ජංගම දුරකථන මිලදී ගැනීමේ ක්‍රියා පටිපාටිය (අවශ්‍ය අය සඳහා පමණි)
ජපානයේ රැකියාවක් සොයන විට ඔබට ඔබේම දුරකථන අංකයක් අවශ්‍ය වේ.
තවද, ජපානයේ ජීවත් වීමට අවශ්‍ය විවිධ ක්‍රියා පටිපාටි සඳහා ඔබගේ සම්බන්ධතා තොරතුරු ඔබෙන් අසනු ලබන බැවින් එය ඉතා පහසු වේ.

පියවර 7 ඇතුල්වීමේ උත්සවය
පාසැල් වාරය ආරම්භ විය. අපි හැමෝම එකට අපේ උපරිමයෙන් වැඩ කරමු!

ශිෂ්‍ය නේවාසිකාගාර පිලිබඳ තොරතුරු
Shintomi International Language Academy ආයතනයෙන් විදේශීය ශිෂ්‍යයන්ට ජපානයේ ජීවිතය ආරම්භ කිරීම සදහා නිදහස් සහ ආරක්ෂිත පරිසරයක් සැලසීම සඳහා පිරිසිදු සහ ආරක්ෂිත ශිෂ්‍ය නේවාසිකාගාර ලබාදී ඇත.
මෙම නේවාසිකාගාර පාසලට ආසන්නව පිහිටා ඇති අතර, දෛනික ජීවිතයට අවශ්‍ය සියලුම පහසුකම් වලින් යුක්තව ඇත. ඒ නිසා ජපානයේ ජීවිතය පළමු වරට ආරම්භ කරන ශිෂ්‍යයෙකුටත් සන්සුන් මනසකින් හා විශ්වාසයෙන් යුතුව ජීවත් විය හැක.
ශිෂ්‍ය නේවාසිකාගාර නීති හා විනය පිළිබඳව
- නේවාසිකාගාරය තුළ දුම් පානය කිරීම තහනම්. කාමරයේ හෝ පොදු ප්‍රදේශයන් තුළද දුම්පානය කිරීම තහනම් වේ .
- කාමරයට පිවිසෙන්නට පෙර සපත්තු,පාවහන් ගලවන්න.(කාමරය තුළ සපත්තු,පාවහන් පැළඳීම තහනම්)
- කරුණාකර අධික ශබ්ද කිරීමෙන් හෝ බාධා ඇති කිරීමෙන් වළකින්න.
- කරුණාකර චිබා නගරයේ නීති රීති වලට අනුව කුණුකසළ බැහැර කරන්න.
- සුරතල් සතුන් නේවාසිකාගාරය තුළ තබාගැනීම හෝ නේවාසිකාගාරයතුලට රැගෙන ඒම තහනම්ය.
- නේවාසිකයින් නොවන මිතුරන් හෝ සහකරු ඇතුළු බාහිර අමුත්තන් රාත්‍රී නවාතැන් ගැනීම හෝ පැමිණීම තහනම්.
- මසකට වරක්, පාසල් කාර්ය මණ්ඩලය නේවාසිකාගාරවල තත්වය (සනීපාරක්ෂාව ආදිය) පරීක්ෂා කිරීමට පැමිණෙයි.
කාමර වර්ග සහ ඒවායේ ගාස්තු
මාසික කුලිය
1 ක් පුද්ගලයෙක් සදහා කාමරය | ¥40,000–¥45,000 / මාසිකව |
---|---|
2 දෙදෙනෙකු සදහා කාමරය | ¥35,000–¥40,000 / මාසිකව |
3 දෙනෙකු සදහා කාමරය | ¥30,000–¥35,000 / මාසිකව |
**කාමර ගාස්තු සහ පහසුකම් ස්ථානය අනුව වෙනස් වේ.
*ජලය, විදුලිය, ගෑස් සහ Wi-Fi ගාස්තු ඇතුළත් නොවේ.
නේවාසිකාගාර ගාස්තු (තැන්පතු)
ප්‍රමාණය | ¥200,000 (පුද්ගලයකුට) |
---|---|
විස්තර | මූලික පිරිවැය (යතුරු මාරු කිරීම, ගිනි රක්ෂණය, පිරිසිදු කිරීමේ ගාස්තු, අලුත් කිරීමේ ගාස්තු), මාස 2 ක කුලිය රයිස් කුකර්, futon ….දෛනික අවශ්‍යතා සදහා අවශ්‍යය ජපාන ජීවිත ආරම්භක පැකේජය (ජාතික සෞඛ්‍ය රක්ෂණ ලියාපදිංචි කිරීමේ සහාය, ජපාන තැපැල් බැංකු ගිණුම් විවෘත කිරීමේ සහාය) |
*ඉතිරි මුදල් පාසලෙන් නික්මීමේදී ආපසු ගෙවනු ලැබේ.
විස්තරය
- යතුරු මාරු කිරීම
සියලුම පදිංචිකරුවන්ගේ ආරක්ෂාව සඳහා, නව පදිංචිකරුවන් ඇතුළු වීමට පෙර අපි යතුරු මාරු කරනු ලබයි.
මෙය ආරක්ෂක පියවරක් වන අතර, අපගේ නේවාසිකාගාරවලද අපි එම පියවරම ගනු ලබයි . - ගිනි රක්ෂණය
අනපේක්ෂිත අනතුරු (ගිනි, ජල කාන්දුවීම්, ස්වාභාවික විපත්) වලදී ආරක්ෂා කිරීම සඳහා මෙම රක්ෂණය යොදා ගනී. ගොඩනැගිලි, කාමර සහ ගෘහ භාණ්ඩ ආරක්ෂා කිරීම සඳහා මෙම රක්ෂණය අනිවාර්ය වේ. - පිරිසිදු කිරීමේ ගාස්තු
නවාතැන්වලින් නික්මීමේදී කාමරය මුල් තත්වයට පත් කිරීම අවශ්‍ය වේ. එමනිසා, වෘත්තීය පිරිසිදු කිරීමේ සමාගමකින් පිරිසිදු කිරීමේ ගාස්තු මුලික ගාස්තුවෙන් අය කරනු ලබයි. බොහෝ අවස්ථාවලදී, ඔබ විසින් පිරිසිදු කිරීම ප්‍රමාණවත් නොවන බව සලකනු ලබන අතර, මෙය ජපානයේ සිරිතකි.
තුන්වන මාසයේ සිට ගාස්තු
නේවාසිකාගාර ගාස්තු පෙර මාසයේ 10 වන දිනට පෙර ගෙවිය යුතුය.
උදාහරණයක්: ජූලි මාසයේ නේවාසිකාගාර ගාස්තු → ජූනි 10 වන දිනට පෙර ගෙවිය යුතුය.
නේවාසිකාගාරයට ඇතුළත් වීමේ ක්‍රියා පටිපාටිය.
ඔබට ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුලත් වීමට අවශ්‍ය නම්, කරුණාකර විද්‍යුත් තැපෑලෙන් විමසීමක් කරන්න.
නේවාසිකාගාර ඉල්ලීම් අවසාන දිනය අවසන් වී ඇත්නම් හෝ ශිෂ්‍ය නේවාසිකාගාරයේ පුරප්පාඩු නොමැති නම්, අපට ඔබගේ ඉල්ලීමට ඉඩ දීමට නොහැකි විය හැකිය.
අර්ධකාලීන රැකියා ගැන
“ශිෂ්‍ය” වීසා යටතේ ජපානයට ඇතුළු වූ පසු ඔහු/ඇයට සතියකට පැය 28ක් දක්වා අර්ධකාලීනව රැකියාවක් කළ හැකිය.
සිසුන්ට අර්ධකාලීන රැකියාවක් සොයා ගැනීමට අවශ්‍ය නම්, පාසැලේ බඳවා ගැනීමේ අංශය එයට සහාය වනු ඇත.
අපි සිසුන්ගේ රැකියා අවශ්‍යතා ගැන අසා, සිසුන්ට සම්මුඛ පරීක්ෂණ සඳහා දින ලබාදෙනුඇත.
ගිම්හාන විවේකය වැනි දිගු නිවාඩු කාලය තුළ, අපගේ පාසල විසින් නිකුත් කරන ලද දිගු නිවාඩු සහතිකයක් සිසුන් අර්ධකාලීන සේවා යෝජකයා වෙත ඉදිරිපත් කරන්නේ නම් සිසුන්ට සතියකට පැය 40ක් දක්වා වැඩ කළ හැක.
සිසුන් අර්ධකාලීන රැකියා නියමිත වේලාවන් ඉක්මවා හෝ අවසර ලබා නොගෙන අර්ධකාලීනව සේවය කරන්නේ නම්, ඔහු/ඇය නීතී උල්ලංඝනය කරන අතර ඔහුට/ඇයට විදේශයන්හි අධ්‍යාපනය දිගටම කරගෙන යාමට නොහැකි වනු ඇත.
තවද සිසුන්ට පචින්කෝ සහ ලිංගික ක්‍රියාකාරකම් සිදුවන ස්ථාන වල රැකියා කිරීම තහනම්ය. (එම ස්ථානය වල පිරිසිදු කිරීමේ රැකියා කිරීමද තහනම්වේ )
අර්ධ-කාලීන රැකියා සදහා උදාහරණ
- බෙන්ටෝ වැනි ආහාර නිශ්පාදන ආයතන
- නිෂ්පාදන පරීක්ෂණ සේවා
- අවන්හල්වල මුළුතැන්ගෙයි රැකියා
- අවන්හල්වල හෝල් වල රැකියා
- පිරිසිදු කිරීමේ සේවා
- ගමන් මලු ප්‍රවාහනය ආයතනවල රැකියා යන ආදීය

අපව සම්බන්ධ කරගැනීම සඳහා
පාඨමාලා පිළිබඳ ප්‍රශ්න හෝ ගැටළු තිබේනම් නිරාකරනය කරගැනීම සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න
043-276-5828
කාර්යාල වේලාවන්: සතියේ දිනවල උදේ 9:00 සිට සවස 5:00 දක්වා (ජපන් වේලාවෙන්)